Friday, September 27, 2024

General line - 0115112241

මුන්දලමේදී අභිරහස් ලෙස අලියෙක් මියයයි (PHOTOS)

ජුඩ් සමන්ත - පුත්තලම




මුන්දලම - ගල්කුලිය මාර්ගය අසල තිබී අද (01) පෙරවරුවේ මිය ගොස් සිටි වන අලියකුගේ සිරුරක් ගම්මුන්ට හමුව තිබෙනවා.

අලියාගේ මරණයට හේතුව තහවුරු නොවීම නිසා ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දීමට අනුරාධපුර පණ්ඩුගලම වන ජීවී කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරී එච්.කේ.ඉසුරු කටයුතු කර තිබෙනවා.

වන ජීවී නිලධාරීන් සහ පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ මිය ගොස් ඇති වන අලියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කළත් මරණයට හේතුව අනාවරණය වී නෑ.

පසුව ඒ සම්බන්ධයෙන් මුන්දලම පොලීසියට දැනුම්දීමෙන් අනතුරුවම පුත්තලම සහකාර වන ජීවී අධ්‍යක්ෂක කාර්යාලයට දැණුම් දී තිබෙනවා.

මිය ගොස් සිටි වන අලියාගේ සිරුරේ කොටස් වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පශු වෛද්‍ය නිලධාරීන් විසින් රැගෙන ගොස් තිබෙනවා

මිය ගොස් ඇත්තේ අඩි 07 ක් පමණ උසැති පිරිමි අලියෙක්.