Friday, September 27, 2024

General line - 0115112241

ඇමති සාගල විශේෂ කාර්ය බලකායට භාරදුන් මෙහෙයුම මෙන්න (PHOTOS)




මත්උවදුරෙන් රට මුදා ගැනීමේ අභියෝගය තමන් විශේෂ කාර්ය බලකාය වෙත භාරදී ඇති බව නීතිය හා සාමය සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පවසනවා. 

යුද්ධයෙන් පසු ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වෙමින් පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

මත්ද්‍රව්‍ය ජාවාරම හරහා විශාල මුදල් ප‍්‍රමාණයක ගණුදෙනු සිදුවන බවත් ඒ හරහා පාතාලය මෙන්ම ත‍්‍රස්තවාදයද පැතිරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.

කළුතර, කටුකුරුන්ද පුහුණු පාසලේ අද (01) පැවති විශේෂ කාර්ය බලකායේ 33 වන සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍ය සාගල රත්නායක මෙම අදහස් පළ කළා. 

සංවිධානාත්මක අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාස දෙක එක් කරමින් නව දිසාවක් ශී‍්‍ර ලංකා පොලීසිය තුළ ඇති කළ බවත් එහි වගකීම විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානී ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් වෙත පවරා ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී කියාසිටියා. 

ත‍්‍රස්තවාදීන්ගෙන් රට මුදාගැනීමේ අභියෝගය විශිෂ්ඨ අයුරින් ඉටුකළ විශේෂ කාර්ය බලකායෙන් මත්ද්‍රව්‍ය උවදුරෙන් රට ගලවා දෙන ලෙස තමන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.