Friday, September 27, 2024

General line - 0115112241

දඹුල්ලේ පිරිසක් ජලය ඉල්ලා උද්ඝෝෂණයක




තමන් මුහුණදී ඇති උග‍්‍ර පානීය ජල ගැටළුවට විසදුම් ඉල්ලා දඹුල්ල, අතුපාරයාය ග‍්‍රාමසේවා වසමේ වැසියන් අද (01) උද්ඝෝෂණයක නිරත වුණා. 

දඹුල්ල - බකමූණ මාර්ගයේ සිසිරවත්ත ප‍්‍රදේශයේදී මෙම උද්ඝෝෂණය පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

උදාගිරි ප‍්‍රජා මූල ව්‍යාපෘතිය යටතේ තමන්ට නළ ජලය සැපයීම දින කිහිපයක සිට නතර වී ඇති බවයි උද්ඝෝෂකයන් කියාසිටියේ. 

ඊට විසදුමක් ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් ජලය තොග වශයෙන් මිළදී ගෙන බෙදාහැරීමට ප‍්‍රජාමූල ව්‍යාපෘතිය කටයුතු කළද එයද නිසි පරිදි සිදු නොවන බවට උද්ඝෝෂකයන් චෝදනා කළා.