Friday, September 27, 2024

General line - 0115112241

ජෙනරාල් ජයසූරියට එරෙහිව සාක්ෂි දීමට ෆීල්ඞ් මාර්ෂල් සුදානම්




ජෙනරාල් ජගත් ජයසූරිය යුද්ධය පැවති සමයේ ඇතැම් අපරාධවලට සම්බන්ධ වූ බවට තමන් සතුව තොරතුරු ඇතැයි ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා අද (01) ප‍්‍රකාශ කළා. 

ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

ජගත් ජයසූරිය කියන නිලධරියා හමුදාපති කරන්න එපා කියල මම ඉතා තරයේ මහින්ද රාජපක්ෂ එවකට හිටපු පාලකයාට මම කිවුවා. නිලධරියා 17 දෙනෙකු පමණ අත ඇරලා ඉතා කණිෂ්ට නිලධාරියෙක් වෙලා හිටපු මොහුව හමුදපති කරා. ඒ හිටපු පාලකයා සහ ආරක්ෂක ලේකම් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා. මාව හිරේ දාන්නත් ඔවුන් නායකත්වය ගත්තා. මම යුද්ධය මෙහෙයවනකොට ජගත් ජයසූරිය යම් යම් අපරාධ වල නියැලී සිටින බවට තොරතුරු ලැබුණා. මම හිතන්නේ එයා හමුදාපති වුණාට පසුවත් ඒ ක්‍රියා පිළිවෙළ එලෙසම සිඳු වුණා. ඒ අපරාධ කරපුවා ගැන මම ගාව සාක්ෂි තියෙනවා.

එම අපරාධ පිළිබද නිසි නීතිමය කි‍්‍රයාදාමයක් තුළ සාක්ෂී ලබාදීමට සූදානම් බවයි ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරොත් එතැනදී මම සාක්ෂිකරුවෙක් හැටියට ඒ අපරාධ පිලිබඳ දීර්ග ලෙස විස්තර කරනවා. ඔහු කළ අපරාධ වලට එවකට සිටි ආරක්ෂක ලේකම්, එවකට සිටි පාලකයා ඔහුන්ගේ සහයෝගය ලැබුන බවටත් මට තොරතුරු තියෙනවා.

ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපතිවරයා වශයෙන් පත් වූ වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේදී අද ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆෙන්සේකා හමුවුණා. 

ඉහත අදහස් පළ කෙරුණේ එම හමුවෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.