Friday, September 27, 2024

General line - 0115112241

පොලිතින් තහනම නිසා බත් පාර්සලයක මිළ ඉහළට




අද සිට කි‍්‍රයාත්මක  පොලිතින් තහනම හේතුවෙන් බත් පාර්සලයක මිළ රුපියල් දහයකින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. 

එහි ජාතික සංවිධායක අසේල සම්පත් කියාසිිටියේ මෙම මිළ ඉහළ දැමීම හෙට සිට කි‍්‍රයාත්මක කරන බවයි.

ලන්ච් ෂීට් භාවිත කරමින් ඇසුරුම් කර ලබාදෙන ආහාර මිළ ගණන් වැඩි කිරීම සම්බන්ධයෙන් හෙට දිනයේ සිය සංගමයේ සාමාජිකයන් රැස් වී තීරණයක් ගන්නා බවයි අසේල සම්පත් වැඩිදුරටත් කියාසිටියේ.

මේ අතර මයික්‍රෝන 20ට අඩු පොලිතීන් භාවිතය සහ ඒ ආශ‍්‍රිත භාණ්ඩ නිපදවීම හා අලෙවි කිරීම තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදන 5 ක් මේ වනවිට නිකුත් කර තිබෙනවා. 

දේශීය භාවිතය සදහා ඝනකමින් මයික්‍රෝන 20 හෝ ඊට අඩු පොලිතීන් හෝ යම් පොලිතීන් නිෂ්පාදන නිපදවීම, විකිණීම, නොමිලේ ලබාදීම, භාවිතය සහ ප‍්‍රදර්ශනය එම ගැසට් නිවේදන මගින් තහනම් කර තිබෙනවා.

ඒ අනුව දේශීය භාවිතය සඳහා ප‍්‍රසාරික පොලිස්ටයරින් යොදා ගනිමින් ආහාර ඇසුරුම් පෙට්ටි, පිඟන්, කෝප්ප හා හැඳී නිපදවීමද අද සිට තහනම් වනු ඇති.