Friday, September 27, 2024

General line - 0115112241

යාන්ඔය ව්‍යාපෘතියේ උපකරණ සොරාගත් පිරිසක් අත්අඩංගුවට




යාන්ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා යොදාගෙන තිබූ භාණ්ඩ සොරාගත් පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, හොරොව්පතාන පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. 

සොරාගත් භාණ්ඩ තොගය වාරියපොළ ප‍්‍රදේශයේ දී අලෙවි කිරීමට සූදානම් කර තිබියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එම භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ  40කට ආසන්න බවට ගණන් බලා තිබෙනවා. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.