Friday, September 27, 2024

General line - 0115112241

සුෂ්මා සුවරාජ් හා විපක්ෂ නායක අතර හමුවක්

වසන්ත පිවිතුරු




ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා සුවරාජ් හා විපක්ෂ නායක ආර් සම්බන්දන් අතර හමුවක් අද කොළඹ දී  පැවැත්වුණා.

එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම් ඒ සුමන්දිරන් ද එක්ව සිටියා.

මෙහිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන ආකාරය හා එහි ඇතුලත් කරුණු පිළිබදව දේපාර්ශවය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංහිදියා වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යාම සදහා ඉන්දිය රජයේ සහාය අපෙක්ෂා කරන බව විපක්ෂ නායක ආර් සම්බන්දන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි දෙමළ ජාතික සන්ධානය පවසන්නේ.

ජාත්‍යන්තරයේ පැසසුමට ලක්වෙමින් පවතින ශ්‍රී ලංකාව කෙරෙහි තමන් අවබෝධයෙන් කටයුතු කරන බවයි ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මෙහිදී අවධාරණය කර ඇත්තේ.