Friday, September 27, 2024

General line - 0115112241

ප‍්‍රදේශ රැසකට තද වැසි




ප‍්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති හෙයින් ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

අකුණු අනතුරු අවම කර ගැනීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මෙම වසර තුළ මේ දක්වා සිදුව ඇති අකුණු අනතුරුවලින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.