Friday, September 27, 2024

General line - 0115112241

මදූෂ් අල්ලන්න ජාත්‍යන්තර මෙහෙයුමක් දියත් වෙයි




මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු සහ පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන මදූෂ් නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර ආරක්ෂක අංශ කිහිපයක් එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඊට අමෙරිකාවේ වොෂිංටන් නුවර පිහිටි මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ ඒජන්සිය ද එක්ව ඇති බවයි වාර්ත වන්නේ.  

මේ සඳහා ශ‍්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය, යුරෝපා පොලිසිය සහ  ශ‍්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරිමේ කාර්යාංශයද එක්ව සිටිනවා.

මදූෂ් සහ ඔහුගේ සමීපතමයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මෙම මෙහෙයුම ක‍්‍රියාත්මකයි.