Friday, September 27, 2024

General line - 0115112241

උසස් පෙළ විෂය ගණන වැඩි වෙයි




අධ්‍යන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට අලුතින් විෂයන් කිහිපයක් එක් කිරීම ලබන සතිය තුළ දී සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් සුනිල් හෙට්ටිආරච්චි පැවසුවේ මෙම දිනවල ඒ සම්බන්ධයෙන් වන අවසන් සාකච්ඡා පැවැත්වෙන බවයි.

දැනට යෝජනා කර ඇති පරිදී උසස් පෙළ විෂය ධාරාවට අලුතින් විෂයන් 26ක් එක් කෙරෙනු ඇති.

ඒ යටතේ තාක්ෂණ විෂයන්, වෘත්තිය ප‍්‍රමුඛතා අධ්‍යනයට පසුබිම්වන විෂය ධාරා 07ක් නව නිර්දේශයකින් ඇතුළත් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

මෙම වැඩසටහන ඉදිරි සතිය තුළ දී එළි දක්වන බවද අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළා.