Friday, September 27, 2024

General line - 0115112241

සරසවි සිසුන් 65 ක් රැගෙන ගිය බස් රථය අනතුරට - 19 ක් රෝහලේ




හයිලෙවල් මාර්ගයේ මහරගම - නාවින්න හංදියේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යායට අයත් බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් සිසුන් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

තලංගම ප්‍රදේශයේ පැවති වැඩමුළුවකට සහභාගී වූ විශ්වවිද්‍යාය සිසුන් 65 දෙනෙකු රැගත් එම බස් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබු සිසුන් 19 දෙනා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවු එක් සිසුවෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා.