Friday, September 27, 2024

General line - 0115112241

මාකඳුර භීතියට පත් කරන පාතාල පවුලේ "ජෝනා" සැඟවේ 




මාකඳුර  ප්‍රදේශයේ පදිංචි පාතාල සාමාජිකයෙකු වන ජෝනා නැමැත්තා අත්අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරබ්භ කර තිබෙනවා.

ඒ දැනට සති දෙකකට පෙර මාකඳුර නගරයේ දී තරුණයෙකු කපා කොටා මාරාන්තික තුවාල කිරීමේ සිදුවීමකට අදාළවයි.

ඔහු මේ වනවිට සැඟව සිටින බවයි වාර්තා වන්නේ.

සොරකම්, බියවැද්දීම් සහ කපාකොට තුවාල සිදුකිරීම් රැසකට ඔහු සම්බන්ධ බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මොහුගේ එක සොහොයුරෙකු වූ පාතල සාමාජික "ලොකූ" නැමැත්තා පසුගිය කාලයේ වෙඩි වැදී ජිවිතක්ෂයට පත් වූ අතර අනෙක් සොහොයුරා ගිනිඅවියක් ළඟ තබාගැනීම හේතුවෙන් වාරියපොළ බන්ධනාගාර ගතකර තිබෙනවා.

දැනට වසර ගණනාවකට පෙර තරුණයෙකු කපා කොටා මරා දැමීමේ චෝදනාවක්ද ඔහුට එල්ල වී ඇති අතර එම නඩුවේ තීන්දුවද ඉදිරියේදී ලබා දීමටද නියමිතයි.