Friday, September 27, 2024

General line - 0115112241

පී.ඩෙනීෂ්වරන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්




උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍ය පී.ඩෙනිෂ්වරන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. 

ඒ, අමාත්‍යධුරයෙන් තමන් ඉවත් කරන ලද ආකාරය නීති විරෝධී බව පවසමින්. 

තමන් ඉවත් කිරීමට එරෙහිව කඩිනමින් අතුරු තහනම් නියෝගයක් පනවන ලෙසද හිටපු අමාත්‍යවරයා මෙම පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. 

මෙහි වග උත්තරකරුවන් ලෙස උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ සහ උතුරු පළාත් ප‍්‍රධන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් ඇතුළු සියළු අමාත්‍යවරු නම් කර තිබෙනවා.