Friday, September 27, 2024

General line - 0115112241

ජනපති අගමැති එක්ව හෙට එළි දක්වන '2025 වැඩපිළිවෙලේ' ඇතුළාන්තය මෙන්න

සුගත් ධර්මප්‍රිය




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්ව හෙට (04)  පස්වරුවේ 2025 වැඩපිළිවෙල එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

මෙම වැඩපිළිවෙල තුළින් 2025 වසර වන විට යහ පාලන රජය රට ගෙන යෑමට නියමිත තැන පිළිබව ජනතාව දැනුවත් කිරීමට නියමිතයි.

ඉදිරි වසර කිහිපය තුළ ණය ගැනීම අඩු කිරීමටත් ආයෝජන සදහා වැඩි ඉඩක් ලබාදීමටත් රජය කටයුතු කරන බව එහිදී නිවේදනය කිරීමට ද නියමිතයි.

තරුණයන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නිසි තැන ලබාදීමටත් කටයුතු කරන බවයි රජය මෙම වැඩපිළිවෙල මගින් පැහැදිළි කිරිමට නියමිතව ඇත්තේ.

ජනාධිපතිවරයා අගමැතිවරයා මුදල් ඇමතිවරයා සහ රටේ තරුණ නායකයන් ද 2025 වැඩපිළිවෙල එළි දැක්වීම සහා සහභාගී වනු ඇති.