Friday, September 27, 2024

General line - 0115112241

කලබලකාරි ලෙස හැසිරුණහොත් ප්‍රතිඵල අහෝසි




2017 වසර සඳහා පැවති  අ.පො.ස. උසස් පෙළ විභාගය හෙටින් (04) අවසන් වීමට නියමිතව තිබෙනවා.

විභාගය අවසන් වීමෙන් පසු විභාග අපේක්ෂකයින් මධ්‍යස්ථානයෙන් හා ඉන් පිටතදී කලබලකාරී ලෙස හැසිරුණහොත් නීතිමය පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. පුෂ්පකුමාර සඳහන් කළා.

ඒ අනුව කලබලකාරී ලෙස හැසිරෙන සිසුන් අත්අඩංගුවට ගන්නා බවත් මෙම විභායේ සියලුම ප්‍ර‍තිඵල අවලංගු කිරීමට කටයුතු කරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කර සිටියා.

මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්  දැනුවත් කර ඇති බව සඳහන්.

එමෙන්ම ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් සියලුම ශාලාධිපතිවරුන් වෙත නිකුත් කර තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. පුෂ්පකුමාර සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් යම් විමසීමක් තිබේනම් පහත සඳහන් දූරකථන අංකවලින් විමසීම් සිදු කළ හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේ.

පාසල් විභාග සංවිධාන හා ප්‍ර‍තිඵල ශාඛාව - 0112784208, 0112784537/0113188350/0113140314

ෆැක්ස් අංකය - 0112784422