Friday, September 27, 2024

General line - 0115112241

මේ වනවිට ශ‍්‍රීලනිප පක්ෂය බෝඞ් ලෑල්ලක් පමණක් බව කුමාර වෙල්ගම කියයි




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට බෝඞ් ලෑල්ලකට පමණක් සීමා වී ඇති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කුමාර වෙල්ගම පවසනවා. 


මන්ත‍්‍රී කුමාර වෙල්ගම මේ බව සඳහන් කළේ අද (03) පැවති නිදහස් පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින්. 

පක්ෂයේ 66 වන සම්මේලනය සමරණ මේ මොහොතේ සතුට මෙන්ම දුක මිශ‍්‍රවූ හැඟීමෙන් මෙම නිවේදනය නිකුත් කරන බවයි එහි දැක්වෙන්නේ. 

රටේ කීර්තිනාමය, ගෞරවය හා අනන්‍යතාව ආරක්ෂා කළ පක්ෂයක් වේ නම්, ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයම වනවා. 

1956න් පසු පක්ෂයේ ස්වර්ණමය යුගය උදාවූයේ 2005 වසරෙන් පසු පක්ෂයේ සභාපති ධුරය හෙබවූ හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ යුගයේ බවද කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. 

වර්තමානයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මැද මාවත වෙනුවට අන්ත ප‍්‍රතිගාමී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ගමනක් තෝරාගෙන තිබෙන බවයි එහි දැක්වෙන්නේ. 

එම තත්වයෙන් මිදීමට නම් පක්ෂය ආණ්ඩුවෙන් වෙන්විය යුතු බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කුමාර වෙල්ගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.