Friday, September 27, 2024

General line - 0115112241

සම්මුතිවාදී රජයේ අලුත් වැඩපිළිවෙළ අද රටටම කියයි




රජයේ ඉදිරි ආර්ථික සංවර්ධන දැක්ම අද (04) එළි දක්වනවා. ‘‘විෂන් - 2025, පොහොසත් රටක්’’ යන්න එහි තේමාවයි.

සැලැස්ම එළිදක්වන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

විෂන් - 2025 යනු කුමක්ද? නෙත් නිවුස් ඒ පිළිබඳ විමසා සිටියා ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන්. 

එහිදී ඔහු පෙන්වා දුන්නේ "සම්මුතිවාදී රජයේ ඉදිරි වැඩපිළිවෙළ සහ ආර්ථික දැක්ම පිළිබඳව මෙයින් සාකච්ඡා කරනවා. ශ්‍රී ලංකාව පොහොසත් රටක් කරන්න තමයි සැළසුම් සකස් කරන්නේ. ගැටලු නිරාකරණය කරගෙන ඉහළ ආදායම් ලබන රටක් සහ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නේ කොහොමද කියලා මේකේ අපි සඳහන් කරලා තියෙනවා." යනුවෙනි.

මෙම සංවර්ධන දැක්ම වසර 03කට පමණක් සීමා කර ඇත්තේ මන්දැයි මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. එහිදී සඳහන් කෙරුණේ මෙය දීර්ඝකාලීන වැඩපිළිවෙළක් බවත් පළමු වසර 03 ඊට අඩිතාලම සකස් කිරීම සඳහා අවස්ථාව ලබාගෙන ඇති බවයි. 

රජයේ ඉදිරි සංවර්ධන දැක්ම එළිදැක්වීම අද පස්වරු 03.00ට සිදු කෙරෙන්නේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදීයි.