Friday, September 27, 2024

General line - 0115112241

බස් ප්‍රමුඛතා මන්තීරු පාසල් ප්‍රවාහන සේවා සඳහාත්




රථවාහන තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දුන් බස් රථ ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය පාසල් ප්‍රවාහන සේවා රථ සඳහා ද විවෘත බව මහ නගර හා බස්නාහිර සංවරධන අමාත්‍යංශය පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පැවසුවේ අදාළ මන්තීරුව භාවිත කරන ලෙස පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි. 

තෙවන පාසල් වාරය හෙටින් ආරම්භ කෙරෙනවා. මාර්ග තදබදය අවම කිරීමට මේ හරහා අවස්ථාවක් ලැබෙනු ඇති බවයි එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ.