Friday, September 27, 2024

General line - 0115112241

චතුරංග ලක්මාල්ගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් (PHOTOS)




පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට චතුරංග ලක්මාල් අද (05) උදෑසන සමත් වුණා. 

ඒ කිලෝ ග්‍රෑම් 56 බර පන්තියෙන්. ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැත්වෙන මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ශූරතා තරගාවලිය ඊයේ ආරම්භ වුණා. 

චතුරංග ලක්මාල් ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රැම් 117ක් ඔසවමින් කිලෝග්‍රෑම් 56 බර පන්තියේ රිදී පදක්කම දිනාගත්තා. 

එය නව ශ්‍රි ලංකා වාර්තාවක්ද වනවා. සුදේශ් පීරිස් ද කිලෝ ග්‍රෑම් 62බර පන්තියෙන් අද තරග බිමට පිවිසීමට නියමිතයි.