Friday, September 27, 2024

General line - 0115112241

දකුණු සහ නැගෙනහිර ආසීයානු රටවල සෞඛ්‍ය සමුළුවට ඇමති රාජිත මාලදිවයිනට




දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 70වන සැසි වාරයට සහභාගී වීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න අද මාලදිවයින බලා පිටත්ව යනවා.

සැසි වාරයේ සභාපතීත්වය හොබවන්නේ ද අමාත්‍ය රාජිත සේනාරත්නයි.

මෙම සැසි වාරයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යවරුන් අතර ද්වි පාර්ශවීය සාකච්ඡා ද පැවැත්වෙනු ඇති.