Friday, September 27, 2024

General line - 0115112241

නෙළුම් කුළුණට ජනපති යයි (VIDEO)




බත්තරමුල්ල පැලවත්ත - අකුරේගොඩ ඉදිකෙරෙන නව ආරක්ෂක හමුදා මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නිරීක්ෂණය කළා.

 

එහි ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා අඩුපාඩු පවතින්නේ නම්, අදාළ අංශ සමඟ සාකච්ඡා කර ව්‍යාපෘතිය කඩිනම් කරන ලෙසයි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

 

මේ අතර, දිවයිනේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුළුනේ ඉදිකිරීම් ද ජනාධිපතිවරයා අද නිරීක්ෂණය කළා.

 

එහිදී ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉංජිනේරුවන්ට උපදෙස් ලබා දුන්නේ ව්‍යාපෘතිය කාර්යක්ෂම කරන ලෙසයි.