Friday, September 27, 2024

General line - 0115112241

ලලිත් අනූෂ රඳවා සිටින වාට්ටුවේ තවත් සිරකරුවන්! (UPDATE)




හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට වසර තුනක සිර දඬවම් නියමවීමෙන් පසුව රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේය.

මේ දෙදෙනා සහ තවත් වැරදිකරුවන් පිරිසක්ද එහි කේ වාට්ටුවේ රඳවා සිටින බවයි වාර්තා වන්නේ.

 

---------------------------------

ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට වැරදිකරුවන් වෙයි - දඬුවම තව සුළු මොහොතකින් නියම කෙරෙයි

07-09-2017 12:01

පසුගිය ජනාධිපතිවරණය සමයේදී සිල් රෙදි බෙදා දීමේ වැඩසටහනක් සඳහා ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා ලැබ සිටින  හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට වරදකරුවන් කර තිබෙනවා.

ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කරන දඬුවම් සම්බන්ධයෙන් තවත් සුළු මොහොතකින් තීරණයක් දීමට නියමිතයි. එතෙක් උසාවි කටයුතු මොහොතකට කල්තබා තිබෙනවා.

නඩුවේ තීන්දුව අද (07) කොළඹ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් ප්‍රකාශයට පත් කළා.

වර්ෂ 2014 ඔක්තොම්බර් මස 30 සහ 2015 ජනවාරි මස 5 දින යන කාල සීමාව තුළ මෙම චූදිතයින් මෙම මුදල් සාවද්‍ය ලෙස පරිහරනය කල බවට නීතිපතිවරයා අධි චොදනා නගා තිබුණා.