Friday, September 27, 2024

General line - 0115112241

පොලිසියට කරන්න ඕන දේ අගමැති කියයි!




නීතිය සහ සාමය නිසි ලෙස ක‍්‍රියාත්මක වීමට නම්, පොලිසිය දේශපාලනීකරණයෙන් ඉවත් කළ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේ පැවති, 151 වන පොලිස් දින සැමරුම් උත්සවයට අද පස්වරුවේ එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

මාර්ග අනතුරු වැළැක්වීම සහ මත් උවදුර මැඩලීමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කිහිපයක් සකස් කර ඇති බවයි පොලිස් දින සැමරුම් උත්සවය අමතමින් පොලිස්පති පූජිත් ජයසුන්දර කියා සිටියේ.