Friday, September 27, 2024

General line - 0115112241

කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමේ 




මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඉකුත් දිනවල ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. 

කාසල්රී ජලාශය අඩි හතක් හා මාවුස්සාකැලේ ජලාශය අඩි අටක් ලෙස පිටාර මට්ටමට පැමිණ ඇති බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ. 

එම ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමග ලක්ෂපාණ, නව ලක්ෂපාණ, කැණියොන්, පොල්පිටිය හා විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවකින් සිදු කරන බවද විදුලිබල මණ්ඩලය කියා සිටියා.