Friday, September 27, 2024

General line - 0115112241

මුන්නේෂ්වරම් යන බැතිමතුන්ට ජරා කෑම! හයක් අල්ලයි!




හලාවත මුන්නේශ්වරම් දේවාලය ආසන්නයේ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ව්‍යාපාරිකයන් 6 දෙනෙකුට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නඩු පවරා තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් ආහාර අලෙවි කළ තවත් ව්‍යාපාරිකයන් 15 දෙනකුට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් තරයේ අවවාද කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පසුගිය දිනවල පැවැති මුන්නේශ්වරම් දේවාලයේ මංගල්‍යය වෙනුවෙන් රසකැවිලි අලෙවිසැල්, ආපනශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථාන 200ක් පමණ එම කෝවිල ආසන්නයේ පවත්වාගෙන ගොස් තිබෙනවා. එම ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීමේදී අදාළ වෙළෙඳසැල් හඳුනාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.