Friday, September 27, 2024

General line - 0115112241

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි!




හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිටීම පැමිණ තිබෙනවා. ඒ සිරිලිය පදනමේ ගනුදෙනු සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි.

මීට පෙර ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීමට හිටපු ජනාධිපති ආර්යාවට කොමිසම මගින් කැඳවීමක් කර තිබුණා. එහෙත් එම දිනයේ කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ එම කොමිසම වෙත දැනුම් දුන්නා. ඇය අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින්නේ ඒ අනුවයි.