Friday, September 27, 2024

General line - 0115112241

ග්‍රාමීය බැංකුව කොල්ලකෑමට පැමිණි සැකකරුවකු රිමාන්ඩ්




තෙලිකඩ ගිනිමැල්ලගහ සමූපකාර ග්‍රාමීය බැංකුව කොල්ලකෑමට පැමිණි සැකකරුවකු මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා.

ඒ බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයෙකට අනුවයි. ඉකුත් 07 වැනිදා බැංකුව කොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී සැකකරු අල්ලාගෙන පොලිසියට භාරදී ඇත්තේ ගම්වාසීන් පිරිසක් විසින්.

කොල්ලකෑමට සැකකරු පැමිණි යතුරු පැදිය සහ සෙල්ලම් පිස්තෝලයක් ද ගම්වාසීන් විසින් පොලිසියට භාරදී තිඛෙනවා.

ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇත්තේ පසුගිය අගෝස්තු 21 වැනිදා එම බැංකුවේම රුපියල් එක්ලක්ෂ දසදහසක මුදලක් කොල්ලකා ඇත්තේ එම සැකකරු විසින්ම බවයි.

එලෙස කොල්ලකෑ මුදලෙන් රුපියල් 20,000ක් සැකකරුගේ හිතවතෙකු සතුව තිබියදී සොයාගත් බව පොලිසිය පැවසුවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරු ඌරුබොක්ක, ගල්තුඩුව, කිරිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.