Tuesday, May 7, 2024

General line - 0115112241

කම්කරු අැමති සමග සාකච්ඡා අසාර්ථකයි... වර්ජනය දිගටම




කම්කරු අමාත්‍යවරයා සමග ඊයේ (18) පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් නෙත් නිවුස් වෙත කියා සිටියේ ඊයේ (18) පස්වරුවේ පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බවයි.

විදුලි සේවක වර්ජනයට අදට දින 06ක් ගතව තිඛෙනවා.

වැටුප් විෂමතා ඉවත් කිරීම, වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගගලයන්ට දඬුවම් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විදුලි සේවකයන් මෙලෙස වැඩ වර්ජනයේ නිරත වනවා.