Tuesday, May 7, 2024

General line - 0115112241

නව ව්‍යවස්ථාව හැදෙන්නේ බුදු දහම පදනම් කරගෙනයි! රට ඒකීයයි! බලය බෙදයි!




නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව සකස් කළ අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවේ දී රැස් වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට අද (21) ඉදිරිපත් කෙරුණා. ඒ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ සභාපති අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්. 

මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය එකඟතාව පළ කර ඇති කරුණක් පිළිබඳව ද අග‍්‍රාමාත්‍යවරයා කරුණු දැක්වූවා. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට හිමි ස්ථානය ආරක්ෂාවන බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙහිදී අදහස් පළ කළා. 

ඉන් අනතුරුව අදහස් දැක්වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායකයි. 

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියට බහුතර ජනතාවගේ අදහස් නියෝජනයක් අවශ්‍යවුවද එවැනි තත්වයක් මෙම වාර්තාව තුළ නොමැති බවයි. 

දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක සහ අමාත්‍ය මනෝ ගනේෂන් විරෝධය පළ කළේ මෙලෙසයි. 

පාර්ලිමේන්තුවේ තවත් තොරතුරු රාත‍්‍රී 10 නෙත් නිව්ස් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.