Tuesday, May 7, 2024

General line - 0115112241

ජගත් මානව හිමිකම් කවුන්සිලයට පිළිතුරු දෙන්න සූදානම්




ජගත් මානව හිමිකම් මහා කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පෙන්වා දී ඇති කරුණු පිළිබඳව රජය පිළිතුරු ලබාදීමට සුදානම් බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන්  විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන පාර්ලිමේන්තුවේ දී පසුගියදා ප්‍රකාශයක් සිදු කළා.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව කියා සිටියා.

අදාළ කාරණා සමිබන්ධයෙන් පිළිතුරු ලබාදීම සඳහා සති 3ක කාලයක් අවශ්‍ය බවයි අමාත්‍ය තිලක් මාරපන මෙහිදී සඳහන් කළේ.

වසර 8 කට පෙර පැවති සිද්ධින් සම්බන්ධයෙන් ජගත් සංවිධානය ප්‍රශ්න කරන අතර ඊට පිළිතුරු ලබාදීම සඳහා කල් ලබා ගැනීම වරදක් නොවන බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම ඉන් රටට කිසිඳු බලපෑමක් එල්ල නොවන බවත් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මෙහිදී කියා සිටියා.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරන්නේ මෙමගින් රටට විශාල බලපෑමක් එල්ලවනු ඇති බවයි.