Tuesday, May 7, 2024

General line - 0115112241

සයිටම් ගැටළුව සොයන ජනපති කමිටුවේ සාකච්ඡා වර්ජනය කරනවා




සයිටම් ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීම සහා පත් කළ ජනාධිපති කමිටුව සමග අද (22) පැවැත්වෙන සාකච්ඡාව වර්ජනය කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුව සමග අද (22) පැවැත්වෙන සාකච්ඡාවට නීතිපති දෙපාර්තමේන්තුව, උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු පාර්ශව සහා කැවීම් ලැබී තිබුණා.

උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු පාර්ශව සහා කැවීම් ලැබී තිබුණා.

එහෙත් ඉකුත් 06 වනදා එම කමිටුව සම පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් නිකුත් කෙරුණු කමිටු වාර්තාවේ ගැටළුවක් හේතුවෙන් තමන් ඊට සහභාගී නොවන බවයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා පැවසුවේ.

ඔහු කියා සිටියේ එම සාකච්ඡාවේ දී වෛද්‍ය සභාව එක නොවූ කරුණුවලට එක වූ බවට අදාළ වාර්තාවේ පළ කර ඇති බවයි. මෙම ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ලබන සතියේ දී වෛද්‍ය සභාව රැස්වී සාකච්ඡා කිරීමට ද නියමිතයි.

එතෙක් කමිටුව සම පැවැත්වෙන සාකච්ඡාවලට සහභාගී නොවන බවයි ඔහු පැවසුවේ.

මේ අතර සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් ඊයේ (21) උදෑසන 08ට ආරම්භ කළ වැඩවර්ජනය අද (22) උදෑසන අටට අවසන් කිරීමට නියමිතයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ නෙවිල් ප්‍රනාන්දු රෝහල තම අමාත්‍යංශය යටතේ පවත්වාගෙන යාම හේතුවෙන් රෝගීන්ට පහසුකම් රැසක් හිමිවෙමින් ඇති බවයි.

ගත වූ මාසයක කාලය තුළ පමණක් රුපියල් මිලියන 23ක වටිනාකමකින් යුත් සේවා රෝගීන්ට නොමිලේ ලබාදී ඇතැයි සහන්. ගෙවීම් මත කරන සේවාවලින් ඊට සමාන මුදලක් රජයට අයකර ගැනීමට ද හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

බාහිර රෝගීන් සංඛ්‍යාව තුන් ගුණයකින් ද, නේවාසික රෝගීන් සංඛ්‍යාව පස් ගුණයකින් ද මේ වනවිට ඉහළ ගොස් ඇති බවයි එහි දැක්වෙන්නේ.