Tuesday, May 7, 2024

General line - 0115112241

පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම ප්‍රශංසනීයයි




පශ්චාත් යුද සමය තුළ දේශපාලන, සමාජීය සහ ආර්ථීක වශයෙන් ශ්‍රී ලංකාවේ නැවත ගොඩනැගීම ඉතා ප්‍රශංසනීය බව එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබ සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ශැනන් පවසනවා.

, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සහා අමෙරිකාවට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසුණු අවස්ථාවේදීයි.

එහිදී සහකාර රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ අද ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය තුළ ඉතා හො විදේශ ප්‍රතිපත්තියක් පවතින බවයි.

ඉන්දියානු සාගරයේ වැදගත් ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටීම හේතුවෙන් ඉතා යහපත් තත්ත්වයන්ට මෙන්ම අභියෝගවලට ද මුහුණදීමට සිදුව ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

කෙසේ වෙතත් ගැටළු ඇති නොවන පරිදි සියලූ මිත්‍ර රාජ්‍යයන් සම යහපත් සබඳතා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව අද සමත්ව ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ලබන නොවැම්බර් මාසයේ දී තමා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බවද අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා මෙම හමුවේදී ප්‍රකාශ කර තිඛෙනවා.