Tuesday, May 7, 2024

General line - 0115112241

පිටු 332 යි - විද්‍යා ඝාතන තීන්දු ප්‍රකාශය ඇරඹෙයි (UPDATE)

මාධව කුලසූරිය




යාපනය, කයිට්ස් පුංකුඩිතිව් හීදි සමූහ දූෂණයට ලක්ව ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තීන්දුව ප්‍රකාශ කිරීම වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍ර ශෂි මහේන්ද්‍රන් ආරම්භ කරනු ලැබුවා. 

ඒ අනුව පිටු 332 ක තීන්දු ප්‍රකාශය මීට සුළු මොහොතට පෙර ආරම්භ කෙරුණා.

වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්ගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතයි.


--------------------------------

විද්‍යා ඝාතන නඩු තීන්දුවට පෙර යාපනයේ ආරක්ෂාව දැඩි කරයි (PHOTOS) (UPDATE)

(27-09-2017 09:25)

යාපනය කයිට්ස් පුංකුඩිතිව්හීදී සමූහ දූෂණයට ලක්ව ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් පැවැත්වූ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම යාපනය මහාධිකරණයේදී අද (27) දිනයේ නියම කර තිබෙනවා.

මේ වන විට යාපනය මහාධිකරණය අවට ආරක්ෂාව දැඩිකොට පවතින බවයි අප වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ.

(ඡායාරූප - මාධව කුලසූරිය)

--------------------------------

(ඡායාරූප - රොමේෂ් මධුසංඛ)

 

-------------------------

විද්‍යා ඝාතන නඩු තීන්දුව අද

(27-09-2017 00:01)


යාපනයේ පුංගුඩුතීව් විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී සමූහ දූෂණයකට ලක්‌කර ඝාතනය කළ විද්‍යා සිසුවිය සම්බන්ධයෙන් වූ නඩු තීන්දුව අද( 27) ප්‍රකාශයට පත් කරන බව යාපනය මහාධිකරණය සඳහන් කර තිබෙනවා.

මෙම නඩුවේ අත්‍යවශ්‍ය සාක්‌ෂි සටහන් කර ගැනීම දැනටමත් අවසන් වී ඇති අතර ඉදිරියට ගෙන යැම සඳහා තවමත් ඇත්තේ කරුණු කීපයක්‌ බව යාපනය මහාධිකරණය ප්‍රකාශ කර ප්‍රකාශ කළා.