Tuesday, May 7, 2024

General line - 0115112241

කළුගඟේ ජල මට්ටමත් සෙමෙන් ඉහළට (UPDATE)




දිවයිනේ ප්‍රදේශ රැසකට මේ වන විට ඇදහැළෙමින් පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් කළුගඟේ ජල මට්ටමද මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පවසනවා.

කුකුලේගඟ ජලාශයේ වාන් දොරටුවක් ද විවෘතව පවතින් හෙයින් ගංඟා දෙපස පහළ ප්‍රදේශවල සිටින ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි පෙන්වා දෙන්නේ.

ඇතිවිය හැකි හදිසි තත්ත්වයන් පිළිබඳව පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ආපදා කළමණාකරණ ඒකක සහ ග්‍රාමීය කමිටු දක්වාම දැනුවත් කර ඇති බවත් පෙන්වා දුන්නා.

-----------------------------

දිස්ත්‍රික් 03කට අනතුරු අඟවයි

(27-09-2017 06:37)

මේ දිනවල ඇද හැලෙමින් පවතින තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 03කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ කළුතර, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටයි.

මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල ජනතාව මෙන්ම අවධානම් කලාපවල ජීවත්වන අනෙක් ජනතාවත් කාලගුණයේ වෙනස්වීම් සහ පරිසරයේ ඇති වන වෙනස්වීම් ගැන අවධානයෙන් සිටිය යුතු බවයි දැනුම් දෙන්නේ.

මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග කුකුලේගඟ ජලාශයේ වාන් දොරටුවක් ද විවෘත කර තිබෙනවා.

මේ හේතුවෙන් අගලවත්ත, බුලත්සිංහල, වළල්ලාවිට, ඉංගිරිය සහ මදුරාවෙල යන ප‍්‍රදේශවල ජනතාව වඩා විමසිල්ලෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ.