Tuesday, May 7, 2024

General line - 0115112241

තීන්දුව ඒකමතිකයි! විද්‍යා ඝාතනයට 7ක් එල්ලුම් ගස් (UPDATE)

මාධව කුලසූරිය




යාපනය විද්‍යා ඝාතන නඩු තීන්දුවට අනුව විනිසුරුවන් ඒකමතිකව සැකකරුවන් හත් දෙනෙකුට මරණ දඬුවම නියමකොට තිබෙනවා. තෙවන විනිසුරුවරයාද මීට සුළු වේලාවකට පෙර සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේ සැකකරුවන් හත් දෙනෙකුට මරණ දඬුවම නියම කරන බවයි. මෙම නඩුවේ පළමු සහ හත්වන සැකකරුවන් නිදොස් කොට නිදහස්කර තිබෙනවා.

----------------------------------------------------------------

විද්‍යා ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිත් සිය තීන්දුව ප්‍රකාශ කරයි

27-09-2017 13:18

 

විද්‍යා ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිත්වය දරණ වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්ද සිය තීන්දුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහුද  විනිසුරු මණ්ඩලයේ සිටින යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් ලබා දුන් තීන්දුව අනුමත කරමින් සිය තීන්දුව ලබා දුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේ 07 දෙනෙකුට මරණ දඬුවම නියම කරන බවයි.

 

-----------------------------------------

රටක් කඳුළින් තෙත් කළ 'විද්‍යා වෙනුවෙන්' තීන්දු දීම ඇරඹෙයි - විනිසුරු ඉලන්චේලියන් 07කට පෝරකය නියම කරයි

(27-09-2017 13:00)

විද්‍යා සිසුවිය සමූහ දුෂණය හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශ කිරීම මේ වන විට යාපනය මහාධිකරණයේ දී ආරම්භ කර තිබෙනවා.

විනිසුරු මණ්ඩලයේ සිටින යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේ 07 දෙනෙකුට මරණ දඬුවම නියම කරන බවයි.

ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් මේ වන විට සිය තීන්දුව ප්‍රකාශ කරමින් සිටිනවා. තවත් විනිසුරුවරයෙක් සිය තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්ගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් හා ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන අයගෙන් සමන්විත වෙනවා.