Saturday, July 27, 2024

General line - 0115112241

ලෝක ජනාවාස දිනය අද - 1500කට නිවාස ණය හා ඔප්පු




ලෝක ජනාවාස දිනය අදට (02) යෙදී තිබෙනවා.

ලෝක ජනාවාස දිනය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිකුත් කළ පණිවිඩයක දැක්වෙන්නේ මූලික අවශ්‍යතාවක් වන නිවහන ඒ තුළ ජිවත් වන පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතාවන්ට අනුකූලව නිර්මාණය වී ඇති බවයි. වත්මන් රජය දීපව්‍යාප්තව කි‍්‍රයාත්මක කරන ‘සැමට සෙවන’ ජාතික වැඩසටහන යටතේ ප‍්‍රතිලාභ ලබන සියලූ ජන කොටස්වලට සරිලන නිවහනක් උරුමකරදීම එම වැඩසටහනේ මූලික අරමුණක් වන බවද එම නිවේදනයේ සඳහන්. 

පුද්ගල සිතුම් පැතුම් අනුව ඔවුන්ට වඩාත් ගැලපෙන නිවස තෝරා ගැනීමේ පූර්ණ නිදහසක් පැවතිය යුතු බව ලෝක ජනාවාස දිනය වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ඒ සදහා සුදුසු මාර්ගෝපදේශකත්වයන් සැපයීම රජයේ වගකීමක් වන බව එම නිවේදනයේ සඳහන්.
 

මේ අතර ලෝක ජනාවාස දින මෙවර ප‍්‍රධාන වැඩසටහන් මාලාව මාතර දිස්ති‍්‍රක්කය කේන්‍ද්‍රකර ගනිමින් පැවැත්වෙනවා.  ඒ, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රධානත්වයෙන්.

මාතර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රතිලාභීන් 1500 කට අධික පිරිසකට නිවාස ණය ආධාර සහ හිමිකම් ඔප්පු ප‍්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් ඒ යටතේ කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි.