Saturday, July 27, 2024

General line - 0115112241

අක්මීමන දයාරතන හිමියන් 09 දක්වා රිමාන්ඩ් (UPDATE)




අත්අඩංගුවට ගත් සිහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් හා උන්වහන්සේගේ රියදුරු ලබන 09 වනදා දක්වා අද (02) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

, ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් අනුවයි.

ප්‍රකාශයක් ලබා ගැනීම සහා අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැවූ අවස්ථාවේ පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් හා උන්වහන්සේගේ රියදුරු අත්අඩංගුවට ගැණුනා.

රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් රැඳී සිටි ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක් අසළ පැවති විරෝධතාවක දී කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

-------------------------

ගල්කිස්සේ සිද්ධියට 'දයාරතන හිමියන්' අත්අඩංගුවට (02-10-2017 14:57)

පොලිස් අපරාධ කොට්ඨසයට ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අක්මීමන දයාරතන හිමියන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඒ පසුගිය දා ගල්කිස්සේ රෝහින්ග්‍යා සරණාගතයන් රඳවා සිටි නිවාසය අසල කළහකාරී ලෙස හැසිරීම පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන්.


අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අක්මීමන දයාරතන හිමියන් අද(02) පෙරවරුවේ පොලිස් අපරාධ කොට්ඨාසයට පැමිණීයා.

-----------------------------

ගල්කිස්සේ සිද්ධියට උත්තර දෙන්න අක්මීමන හිමි පැමිණෙයි (02-10-2017 10:20)

සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතත හිමියන් කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට පැමිණ තිබෙනවා.

පසුගියදා ගල්කිස්ස ප්‍රදේශයේ මියන්මාර සරණාගතයන් රඳවා සිටි ස්ථානයේ ඇතිවූ කළහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම මෙහිදී සිදු කෙරෙනු ඇති.