Saturday, July 27, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව සම්මත කරන ලද පනතක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අභියෝගයට ලක්කරන්න බෑ




පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගත් ආකාරය අභියෝගයට ලක් කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ගොනු කළ පෙත්සම විභාගයට නොගන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (02) පෙත්සමක් ගොනු කෙරුණා.

, නීතිඥවරයෙකු වන අරුණ ලක්සිරි විසින්. හිටපු අගවිනිසුරුවරයා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන්නැයි ඉල්ලමින් මෙම මැදිහත්කාර පෙත්සම  ඔහු විසින් ගොනු කර තිබෙනවා.

අද (02) ඉදිරිපත් වූ පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුව සම්මත කරන ලද පනතක්, මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් යළි අධිකරණයේ දී අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් නොමැති බවයි.

හිටපු අගවිනිසුරුවරයා ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවයි පෙත්සම මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.