Friday, September 20, 2024

General line - 0115112241

නව ගුවන් පථයෙන් ලොකු ආදායමක්




කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ඉදිකිරීමට යෝජිත නව ගුවන් පථයෙන් දිනකට රජයට විශාල ආදායමක් ලබාගත හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

එහි සභාපති ආනන්ද විමලසේන සඳහන් කළේ දිනකට සිදුකළ හැකි ගුවන් මෙහෙයුම් ප‍්‍රමාණයද මේ හරහා වැඩි වන බවයි. නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

මේ වසරේදී මිලියන 8.5 ක පිරිසක් ගුවන් තොටුපළ භාවිතා කරන බවට ඇස්තමේන්තු කර ඇති අතර සාමාන්‍යයෙන් වසරකට එවැනි ආසන්න පිරිසක් ගුවන් තොටුපළ භාවිතා කරන බවත් ඔහු පැවසුවා. නව ගුවන් පථය ඉදිරිකීමෙන් පසු එම පිරිස තවත් වැඩි වෙනු ඇතැයිද සඳහන් කළා.