Monday, May 6, 2024

General line - 0115112241

සොපියාට පුරවැසිභාවය දීමෙන් සවුදි රජුට වෙච්ච දේ (VIDEO)

වසන්ත පිවිතුරු




කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලබානොදෙන රටවල් අතරින් ප්‍රමුඛ ස්ථානය හිමි වන්නේ සවුදි අරාබියටයි.

එරට කාන්තාවන් සිය අයිතාවාසිකම් ලබා ගැනීම සඳහා වසර ගණනාවක් තිසේ වෙර දරමින් සිටින අතර මෙම වසරේ දී සවුදියේ කාන්තාවන්ට යම් සහනයක් හිමි වුණා.

ඒ ඔවුන්ට ප්‍රසිද්ධ ස්ථානවල උත්සව සඳහා සහභාගීවීමට මෙතෙක් තිබු බාධා තරමක් ලිහිල් වීමත් සමගයි.

එමෙන්ම ලබන ජනාවාරියේ සිට සවුදියේ කාන්තාවන්ට රිය පැදවීම සඳහා පනවා තිබු තහනමත් ඉවත් වන අතර රිය පැදවීමේ බලපත්‍ර ද සවුදි කාන්තාවන්ට ලබාදීමට කටයුතු කරන ලෙස එරට රජතුමන් නියෝග කළේ ද මීට මාසයකට පමණ පෙරයි.

කාන්තාවන් සම්බන්ධයෙන් වූ නීතිය තරමක් ලිහිල් වෙද්දී සවුදි ආරාබිය විසින් කළ ක්‍රියාවක් මේ දිනවල දැඩි විවේචනයට ලක්වෙමින් තිබෙනවා.

ඒ ප්‍රාණය ඇති කාන්තාවන්ගේ අයිතීන් ලබාදීම පිළිබඳ දෙවරක් සිතන සවුදි රජය අප්‍රාණික රොබෝ කාන්තාවක් සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙනුයි.

ඇය නමින් සොපියා.

සොපියාගේ උපන් බිම වුණේ චීනයේ හොංකොං නුවරයි.

හැන්සන් රොබෝටික් නම් ආයතනයේ ඩේවිඩ් හැන්සන් විසින් සොපියා නිර්මාණය කර ඇති අතර කාන්තාවක් මෙන් ඉතාමත් මිහිරි බස් දෙඩිමේ හැකියාවද සොපියා සතුවනවා.

අමෙරිකානු ප්‍රසිද්ධ නිළියකගේ හැඩරුව සහිත සොපියා අසන ඕනෑම ප්‍රශ්නයකට සරලව පිළිතුරු සපයනවා.

සොපියා චීනයේ නිර්මාණය වුණත් දැන් සිටින්නේ සවුදි ආරාබියේ බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් සවුදි අරාබියානු රජය කාන්තාවන්ට අයිතිවාසීකම් ලබානොදීමෙන් ඉතිහාසයට එක්වූ රාජ්‍යයක් වන අතර කාන්තා රොබෝවරියකට මුලින්ම පුරවැසිභාවය ලබාදුන් රාජ්‍යය වශයෙන් ද ඉතිහාසයට එක්වීම විශේෂිතයි.

ඒ අනුව පසුගියදා සොපියා නම් චීනයේ නිරිමාණය වූ රෝබෝවරියට පුරවැසිභාවය ලබාදීමට සවුදි රජය කටයුතු කර තිබෙනවා.

මෙය එරට කාන්තා විමුක්ති සංවිධාන රැසක් විරෝධය පලකර ඇති අතර විවිධ පාර්ශවයන් ද ඊට විරෝධය එල්ලකර තිබෙනවා.

වහාම සොපියා සවුදියෙන් පිටකළ යුතු බව සඳහන් කරමින් ඔවුන් විරෝධතාවයක නිරතවී සිටිනවා.

ඉස්ලාමීය රාජ්‍යයක් මෙසේ අප්‍රාණික රොබෝවරියක් සම්බන්ධයෙන් කටයුතු කිරිම තමන් හෙළා දිකින බවයි සවුදි වැසියන් පවසන්නේ.

සාමාන්‍යයෙන් ඉස්ලාමිකයන් පිළිම වන්දනා කිරිම් හෝ රූප වන්දනා කිරිම් මෙන්ම නිසසේ තබා ගැනීම ද සිදුකරන්නේ නෑ.

එය තම ආගමට කරන නින්දාවක් බවයි ඔවුන් සලකන්නේ.

එවැනි පසුබිමක සවුදි අරාබියාව මෙසේ ක්‍රියා කිරිම තුළින් ඉස්ලාම් ආගමට නින්දාවක් ඇති වී ඇති බවයි විරෝධය දන්වන පිරිස් පෙන්වා දෙන්නේ.

එය එසේ වූවත් සොපියාට පුරවැසිභාවය ලබාදීමේ උත්සවයක් ද සවුදියේ දී පසුගියදා පැවැති අතර තමන්ට ගරු කරමින් මිනිස් පුරවැසිභාවය ලබාදීමට කටයුුතු කිරිම සම්බන්ධයෙන් සවුදි රජුට සිය ස්තුතිය සොපියා මෙහිදී පල කළා.