Monday, May 6, 2024

General line - 0115112241

රහස් වදකාගාරයක් ගැන තොරතුරු මෙන්න (VIDEO)




උතුරු කොරිවේ රහස් වදකාගාරයක් සම්බන්ධයෙන් තොරතුරු එරටින් අනාවරණය වී තිබෙනවා.

ඊට අදාළ වීඩියෝ දර්ශනයක් එය සනාථ කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ෙමේ සම්බන්ධයෙන් බලධාරින් වහාම ක්‍රියාත්මක වී ඇති බව සඳහන්. නමුත් එම වදකාගාරයේ එවැනි කාර්යයක් සිදුනොවන බව ද බලධාරින්ට තොරතුරු ලැබී ඇති බවයි වාර්තා වුණේ.

උතුරු කොරියාවේ වත්මන් නායකයා බලයට පැමිණිමට පෙර සිටම මෙම වදකාගාරය ක්‍රියාත්මක වී තිබෙනවා.

මීට අමතරව රහස් බන්ධනාගාරයක් පිළිබඳව ද තොරතුරු අනාවරණය වුණා.

උතුරු කොරියාවේ අන් - ජෙඔන් - බූ බන්ධනාගාරය සම්බන්ධයෙන් පලවී ඇති තොරතුරු කිම් ජෝං උංගේ කෲර පාලනය පිළිබිඹු කරන බවයි විචාරකයන් පෙන්වා දී ඇත්තේ.

රෝහල් මුවාවෙන් උතුරු කොරියාව වදකාගාර පවත්වාගෙන යන බවද අනාවරණය වී තිබෙනවා.

මෙය ඉදිරියේ දී  උතුරු කොරියාවට මානව හිමිකම් චෝදනා එල්ල විය හැකි ගැටළුවක් වනු ඇති බවද අපේක්ෂා කෙරෙනවා.