Friday, May 17, 2024

General line - 0115112241

පාකිස්ථානයට ලකුණු 36ක ජයක් (UPDATE) (PHOTO)




ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර අද (29) ලහෝර්හිදී පැවති 3 වන විස්සයි 20 තරගය පාකිස්ථාන කණ්ඩායම ලකුණු 36 ජයක් හිමි කර ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දු රකින්නට තීරණය කළ අතර පන්දුවට පහරදුන් පාකිස්ථාන පිල නියමිත පන්දුවාර 20අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 180ක් ලබාගත්තා.

ලකුණු 181ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 දැවී ලකුණු 144 පමණක් රැස් කළා.

---------------------

ශ්‍රී ලංකාවට 181ක ඉලක්කයක් (29-10-2017 20:29)

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර  ලාහෝර් නුවරදී පැවවෙත්වෙන පන්දුවාර 20 විස්ස අද තරගයේ පාකිස්ථාන ඉනිම මීට සුළු වේලාවකට පෙර අවසන් වුණා.

එහි දී පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 3 ක් දැවී ලකුණු 180ක් රැස්කළා.

පාකිස්ථාන කණ්ඩායමේ සොයිඩ් මලික් ලකුණු 51 ලබාගත් අතර උමර් අමීන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 45ක් .

පන්දු රැකීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක දිල්ෂාන් මුනවීර ලකුණු 26කට එක් කඩුල්ලක් දවා ගත්තා.

ලකුණු 181ක ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 13ක් රැස්කළා.

 

----------------------------

පාකිස්ථානය 180/3 (29-10-2017 20:00)

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තුන් වන දිනය අදයි.

එම තරගය ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකර ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

පන්දුවර පහර දෙන පාකිස්ථාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 03 දැවි  ලකුණු 180 ලබා ගත්තා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන 3වන සහ අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගය මේ වනවිට පැවැත්වෙනවා. එහි විශේෂත්වය වන්නේ තරගය පැවැත්වෙන්නේ පකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ දී විමයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායි සිට අද (29) උදෑසන පකිස්තානයට පැමිණි මොහොතේ සිට මේ දක්වාම දැඩි ආරක්ෂාවක් ලබා දී තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා පිළ පැමිනි කිලෝ මීටර් 14ක් දුර මාර්ගයේ දිගටම අවිගත් හමුදා සාමාජිකයන් දහසකට වැඩි සංඛ්‍යාවක් යොදවා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ටෙස්ට් වරම් දිනූ ප්‍රධාන පෙළේ කණ්ඩායමක් පකිස්තානයට පැමිණියේ 2009 වසරෙන් පසු පළමු වරටයි.

එය සමරමින් සහ ඊට දායකත්වය දැක්වූ ශ්‍රී ලංකා පිළට ප්‍රශංසා කරමින් පකිස්තාන වැසියන් වීථී බැස ප්‍රීතිඝෝෂා පවත්වමින් ඇති බවද විදෙස් මාධ්‍යන්හි සහන්.

එක් එක් ක්‍රීඩකයින්ගේ රුව සහිත බැනර් මග දෙපස ප්‍රදර්ශනය කර තිබුණා. එහි වූ සුබ පැතුම් සිංහල බසින් සහන් කර තිබීම ද විශේෂත්වයක්.

-------------------

විස්සයි 20 අද තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට (29-10-2017 18:18)

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තුන් වන දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකර ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

----------------

අද අවසන් තරගයට ලාහෝර් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිළිගන්න දැවැන්ත පුවරු (29-10-2017 07:23)

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර 3 වන හා අවසන් පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය අද (29) පැවැත්වෙනවා.

ඒ, ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගණයේදීයි.

ලොව ප‍්‍රධාන පෙළේ කි‍්‍රකට් කණ්ඩායමක් පාකිස්ථානයේදී කි‍්‍රකට් තරගයකට සහභාගි වන්නේ වසර 8 කට පසුවවීම මෙම තරගයේ විශේෂත්වයයි. 

2009 වසරේ පාකිස්ථානයේ සංචාරය කළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ලොව ප‍්‍රධාන පෙළේ කි‍්‍රකට් කණ්ඩායමක් මේ දක්වා පාකිස්ථානයේ තරග සංචාරයකට එක්වුයේ නැහැ.

මීට මාස කිහිපයකට පෙර සිම්බාබ්වේ කණ්ඩායම පමණක් එහි තරග සංචාරයකට එක් වුණා. ඒ අනුව මෙම තරගය ඓතිහාසික තරගයක් බවයි පාකිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති නජාම් සෙතී ප‍්‍රකාශ කර ඇත්තේ. 

මෙම තරගයට සහභාගි වන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් උණුසුම් අයුරින් පිළිගැනීමටද පාකිස්ථාන බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ගඩාෆි කී‍්‍රඩාංගණය තුළ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන්ගේ ඡායාරූප සහිත දැවැන්ත පුවරු ඉදිකර ඇති ආකාරයද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.

එමෙන්ම 1996 වසරේදී  ඕස්ටේ‍්‍රලියාව පරදා ශී‍්‍ර ලංකාව ලෝක කුසලානය දිනාගත්තේද ගඩාෆි කී‍්‍රඩාංගණයේදී වීම විශේෂත්වයක්.