Friday, January 17, 2025

General line - 0115112241

සෝමාලියාවේ බෝම්බ ප්‍රහාර දෙකකින් 23ක් මරුට - තවත් පිරිසකට තුවාල




සෝමාලියාවේ මොගඩිෂු (Mogadishu) අගනුවර ඊයේ (28) සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් සිදුවී තිබෙනවා.

මෙහිදී  අවම වශයෙන් පුද්ගලයන් 23 දෙනෙකු මියගොස් 30 වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

පළමු ප්‍රහාරය සෝමාලි අගනුවර හෝටලයක් ආසනයේ සිදුවී ඇති අතර, දෙවැන්න සිදුවූයේ මොගඩිෂු පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසළයි.

මෙම ප්‍රහාර අල්ෂබාබ් ත්‍රස්ත කල්ලියක් විසින් සිදුකර ඇතැයි සැළකෙනවා.