Sunday, September 8, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු සෙනෙට් මණ්ඩල ප්‍රධානියා ධූරයෙන් අස්වීමට සූදානම්

බීබීසී ඇසුරෙන්




ඕස්ට්‍රේලියානු සෙනෙට් මණ්ඩල ප්‍රධානියා වන ජනාධිපති ස්ටෙෆන් පැරී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ එංගලන්තය විසින් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය පිළිගැනීමෙන් අනතුරුව බවයි ඔහු පවසා ඇත්තේ.

ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවට අනුව ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන් මැතිවරණයෙන් තෝරා පත්කරගැනීම තහනම් වනවා.

ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය සහිත ඕස්ට්‍රේලියානු සෙනෙට් මණ්ඩල ප්‍රධානියා ඇතුලූ දේශපාලනඥයන් 5 දෙනකු පිළිබඳ මහාධිකරණය පසුගිය සිකුරාදා සිය මතය ප්‍රකාශයට පත්කොට තිබුණා.

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැතිවරයා ද ඒ අතර වන බවයි එරට වාර්තා පවසන්නේ.

කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු ජනාධිපතිවරයාට ද්විත්ව පුරවැසිභාවය හිමිවී ඇත්තේ ඔහුගේ පියාගෙන් බවයි බ්‍රිතාන්‍ය දන්වා තිබුණේ.