දෙහිවල පොලීසියේ බුද්ධි අංශයේ හිටපු ස්ථානාධිපති සුනිල් තාබෲ ඝාතනය කළ හිටපු එල්ටීටීඊ සාමාජිකයකුට ජීවිතාන්තය දක්වා අද සිරදඬුවම් නියම කෙරුණා.
ඒ කොළඹ මහාධිකරණය විසින්.
මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ සෙල්වතුරෙයි කිරුබාකරන් හෙවත් මදන් නමැති මුල්ලිවයිකාල් ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි.
2003 වසරේදී සුනිල් තාබෲගේ නිල නිවසේදී සැකකරු මෙම ඝාතනය සිදුකර තිබුණා.