Monday, January 13, 2025

General line - 0115112241

නුවරඑළිය ගැටළුව විෂය භාර අමාත්‍යවරයා විසඳයි

මේනකා රත්නායක /සජිත් තිලකරත්න




නව සීමා නීර්ණයට අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සංඛ්‍යාව 06ක් දක්වා වැඩිකිරීම පිළිබඳ අද (01) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී දැඩි කතාබහක් මතුවුණා.

මීට පෙර අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්ව තිබූ ශ්‍රීපාදස්ථානය නව සීමානීර්ණයන්ට අනුව අයත්ව ඇත්තේ මස්කෙළිය ප්‍රදේශීය සභා බලප්‍රදේශයටයි.

මේ පිළිබඳව මාධ්‍යවේදීන් අද (01) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය දයාසිරි ජයසේකරගෙන් ප්‍රශ්න කළා.

එහිදී අදහස් අමාත්‍යවරයා කියා සිටියේ මැතිවරණයට පෙර අමාත්‍යවරයා අවශය පියවර ගනු ඇති බවයි.

අම්පාර, කල්මුණේ, සයින්දමර්දු ප්‍රදේශයට ප්‍රාදේශීය සභාවක් ලබාදෙන ලෙසට එම ප්‍රදේශයේ ජනතාව ආරම්භ කර ඇති හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් ද කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් පළවුණා.

අඹගමුව ප්‍රදේශිය සභා බල ප්‍රදේශය හා මෙම ප්‍රදේශය අතර පවතින ගැටලු වෙනස් බවත් ජන සංඛ්‍යාව පිළිබඳ ගැටළුවක් මෙහිදී මතුවන බවයි අමාත්‍යවරයා පැහැදිළි කර සිටියේ.

කෙසේ වෙතත් පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සඳහන් කළේ කල්මුණේ මහ නගර සභාව ලෙස සළකා ඉදිරි පළාත් පාලන මැතිවරණය පවත්වන බවයි.

අද (01) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.