පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
යම් පළාත් පාලන ආයතනයක ගැටලූවක් මතුවන්නේ නම් එය මඟහැර හෝ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටයි මැතිවරණ කොමිසම සූදානම් වන්නේ.
මේ අතර පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ධුර සංඛ්‍යාව සහිත ගැසට් පත්‍රයට අද (01) අත්සන් තැබුවා.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කිසිඳු වගකීමක් දැන් තමන්ට නොමැති බවයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පල කෙරුණා.
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාස 3840කින් තේරීපත්වන සභික සංඛ්‍යාව 8300ක්. ඒ පළාත් පාලන ආයතන 341ක් සදහායි. මීට පෙර පැවතුනේ පළාත් පාලන ආයතන තුන්සිය තිස් හයක් පමණයි. ඒ සදහා තෝරාපත් කර ගැණුනු සභික සංඛ්‍යාව හාරදහස් හාරසිය අසූහයක්.
ඒ අනූව නව පළාත් පාලන ආයතන පහක් අලූතින් එක්වනවා. වැඩිවන සභික සංඛ්‍යාව 3814ක්. සභික සංඛ්‍යාව වැඩිවීමත් සමග පළාත් පාලන ආයතනවල ඊට අදාල පහසුකම් සැපයීමට සිදුවනවා. ඒ අනූව එයට අනුමැතිය ලබාගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී ඉදිරිපත් කරන බවයි අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වැඩිදුරටත් සඳහන් කළේ.