Monday, January 13, 2025

General line - 0115112241

බෙදුම්වාදයට එරෙහිව තිබෙන විධිවිධාන ඉවත් කරලා (AUDIO)

මේනකා රත්නායක




වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදයට එරෙහිව තිබෙන විධිවිධාන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කර ඇති බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

අද (01) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් දැක්වූ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ කියා සිටියේ මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බෙදුම්වාදි එකක් බවයි.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාව නොමග යවන බව ද ඔහු කියා සිටියා.

යෝජිත ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදය වළක්වා ගැනීමට යොදාගෙන ඇති කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළකෙරුණා.