Monday, January 13, 2025

General line - 0115112241

පුංච් ඡන්දය ජනවාරි 20 - 31 අතර

කසුන් කැළුම්




පළාත් පාලන මැතිවරණය ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට මැතිවරණ කොමිසම අද (01) තීරණය කළා.

ඒ අනුව නාමයෝජනා කැඳවීම් දැන්වීම ලබන 27 වැනිදායින් ආරම්භ වන සතිය තුළ නිකුත් කිරීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

පළාත් පාලන ඡන්ද විමසීම ජනවාරි 20ත් 31ත් අතර ඉරිදා දිනක හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

නාමයෝජනා පිළිබඳ දැන්වීම් පළකරනු ලබන දිනය, නාමයෝජනා කාලසීමාව සහ ඡන්ද විමසීම පැවැත්වෙන නිශ්චිත දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.