Sunday, September 8, 2024

General line - 0115112241

ආගමික යුද්ධයක් ගැන කියන හිටපු ජනපති




නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට හිමි ස්ථානය වෙනස් කිරීමට යාමෙන් ආගමික යුද්ධයක් ඇතිවනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකළේ මහනුවර උඩුදුම්බර කහටලියද්ද ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා  කියා සිටියේ මෙම ව්‍යවස්ථාව මගින් පළාත් නවයේ දේශපාලනඥයන්ගෙන් බැට කෑමට සිදු වන බවයි.

එය සියළු පාර්ශවයන් විනාශය කරා රැගෙන යන බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.